
සමාජ මාධ්‍ය බද්දෙන් කෝටි 1,300ක ආදායමක්
තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන් සඳහා මෙම වසරේ දී අලුතින් හඳුන්වා දෙන සියයට පහළොවක බද්දෙන් රුපියල් කෝටි එක්දහස් තුන්සියයක ආදායමක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මුදල් කාරක සභාව දැනුවත් කර තිබේ. එය දළ ජාතික නිෂ්පදිතයෙන් සියයට 0.04ක් වෙයි. පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා …

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා තවදුරටත් මෙහෙයුම්
සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කර නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. මේ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳසැල් වැටලීම තවදුරටත් සිදු කෙරෙයි. සහල් සඳහා නිකුත් කර ඇති මිල ගණන් වෙනස් කර ඇති බවට සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශ කරමින් වැඩි මිලට …

මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි
මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වෙයි. පානදුරේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස අද (14) උදෑසන කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පැවසෙයි …

සේවකයින්ට EPF නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450ක්
සේවක අර්ථ සාධක අරමුදල නිසි පරිදි සේවකයින්ට ලබා නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450 ක් හඳුනාගෙන ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, අදාළ ආයතනවල ප්‍රධානීන් සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි …

කතානායකට කතානායකකම පැටලිලා!
ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අගමැති හරිනි අමරසූරියමෙනෙවිය වෙතින් දේශපාලඥයන් පාසල් වල උත්සව සඳහා සහභාගී කර නොගැනීම වෙනුවෙන් අධ්‍යාපන බලධාරින්ට දැනුම්දී ඇති නීතිය දැන් වෙනස්වී ඇත්ද? එය බලපාන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට පමණ ද සහ අශෝක රන්වල මහතා පාතේගම පාසලේ උත්සාහයකට සහභාගීව ඇත්තේ කෙසේද …

RMV නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය
සූදානමකින් තොරව කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ. සූදානම්ව පැමිණෙන ලෙස දන්වමින් මෙම නිලධාරීන් නැවත හරවා යැවීමටයි කෝපා කමිටුව කටයුතු කළේ.කෝපා හෙවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූයේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී …

Vitz ලක්ෂ 12 කතාව කෙසේ වෙතත් ලෝකයේ අඩුම වාහන මිල ගණන් මෙන්න
වසර පහක කාලයක් සිට අත්හිටුවා තිබුණු පුද්ගලික පරිහරණය පිණිස වාහන ආනයනය නිමා කරමින් පසුගිය පෙබරවාරි 25 වැනිදා මුල්ම වාහන තොගය ශ්‍රී ලංකාවට ළඟ විය. කෙසේ නමුත් බොහෝ දෙනෙකු නගන ප්රශ්නය වන්නේ මේ වාහන මිලදී ගන්නට තරම් පොදු ජනතාවට වත්කමක් තිබේද යන්නය. මන්ද අලුතින් ආනයනය කරන ලද වාහන සියල්ලකගේම මිල ලක්ෂ 200 ඉක්මවා යන බැවිනි. ජාතික ජන බලවේග පක්ෂයේ එක් ජනප්‍රිය කථිකයකු සිය ඡන්ද මැතිවරණ වේදිකාවල නිතර පවසන ලද්දක් වූයේ අප රටේ වාහන මිල (එවකට පැවති) සමග සැසඳීමේ දී සාමාන්‍ය පුද්ගලයකු වසර ගණනාවක් තිස්සේ මුදල් එකතු …

ආසියාවේ ලොකුම ධනවතුන් පස් දෙනා
මෙය ආසියානු කලාපයෙන් ද ඉහළම පෙලේ බිලියනපතියන් වැඩි වැඩියෙන් බිහි වෙමින් සිටින කාලයකි. මේ වනවිට ලෝකයේ බිලියනපතියන් වැඩිම සංඛ්‍යාවක් සිටින රට වන්නේ ඇමරිකාවයි. නමුත් 2024 වසරට අදාළව ෆෝබ්ස් ආයතනය නිකුත් කර ඇති වාර්තාවකට අනුව මෙම ලැයිස්තුවේ දෙවැනි තුන්වැනි ස්ථාන දිනාගෙන සිටින්නේ ආසියාවේ රටවල් ය. චීනය බිලියනපතියන් සංඛ්‍යාව අතින් දෙවැනි තැන දිනා සිටින අතර ඉන්දියාව තුන්වැනි තැනට පැමිණ සිටියි. බටහිර ඉතා ධනවත් රටවල් පවා සිටින්නේ ඊට පහළිනි. ආසියාවේ ලොකුම ධනවතා සිටින්නේ අප අසල්වැසි ඉන්දියාවේ යි. ඒ මුකේෂ් අම්බානි ය. 2025 ජනවාරි වාර්තාවලට අනුව අම්බානි ගේ ශුද්ධ …

හැඳල ලාදුරු රෝහල් බිමේ අසු පිටින් සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා
හැඳල ලාදුරු රෝහලට සියවස් කිහිපයක් අතීතයට දිව යන ඉතිහාසයක් තිබේ. අතීතයේ එම රෝහලේ විසූ ලාදුරු රෝගීන්ට ඊට ඇතුළු වූ පසු මරණය තෙක්ම ඉන් පිටව යාමේ කිසිදු අවකාශයක් නොවිණි.ඒ අනුව ඔවුන් එහිම මිය ගිය අතර ඔවුන් ගේ අවසන් කටයුතු ද එහි දීම සිදු කරන ලදී.එබැවින් තමන් මියගිය පසු සුසානයට ගෙන යාමට සකසා ගත් මිනී කරත්ත කෞතුක වස්තූන් වශයෙන් එම රෝහල් පරිශ්‍රයේ සංරක්ෂණය වෙමින් පවතී.මීට වසර කිහිපයකට පෙර ඒ බව මට මුල් වරට කීවේ එවක එහි කාර්යය භාර වෛද්‍ය නිලධාරීයාව සිටි වෛද්‍ය දර්ශන මොහොට්ටි ය. මිනී කරත්තවල …

සිතූ පැතූ සම්පත් දෙන රන් කෙවිටක් ගෙන මහ පාන්දර ගව මඩු වලට එන ගොපලු අවතාරය
අවිස්සාවේල්ල,මානියංගම, බණ්ඩාරවත්තේ පදිංචි විශ්‍රාමලත් විවාහ ලේකම් අයි.ඩී.ඒ.පී.ධනපාල මහතා සීතාවක ජනශ්රැතීන් සම්බන්ධ විශාරදත්වයකින් යුතු වියපත් ප්රභූවරයෙකි. දැනට සීතාවක ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලය පවත්වාගෙන යන සීතාවක රාජසිංහ රජුගේ මාලිගා ගොඩැල්ලට යාබද ඉඩමේ පදිංචි ඔහුගෙන් මගේ ජනශ්රැති අධ්‍යයනය සඳහා ලැබුණු පිටිවහල අනල්ප ය. කැලණි නදියේ අතු ගංගාවක් වන සීතාවක නදියේ රොන් මඩ වලින් …

ගම්බාර දෙවියන් පා පහර දී බලු රාළලා මරා දමන කතාව මඩ ප්‍රහාරයක්
අප සමාජයේ ජීවත් වන ඇතැමුන් නොයෙකුත් අභූත චෝදනා වලට ලක් වන වාර බොහෝ ය.ඒ අතුරින් සමහරෙක් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ අභූත චෝදනාවන්ට ද ලක් වෙති.නමුත් මිනිසුන් එලෙස අලකලංචි වලට ලක් වන අතරේ අප රටේ ප්‍රකට දෙවි කෙනකු සුනඛ ඝාතන දාමයකට චෝදනාවකට ලක් වන බව බොහෝ විට ඔබ අසා නොතිබෙන්නට ඇත. බහිරව …

අලුත් ගෙදර උළුවහු පන්නවන්න අමුතු තාලේ ගම් කුකුළෙක්!
“අලුත් ගෙවල් වල උළුවහු පැනීම ගැන තොරතුරු ටිකක් දැන ගන්න පුළුවන්ද? මට නෙමෙයි අපේ ලොකු පුතා බැඳලා ඉන්න ලේලිට, ඇත්තෙන්ම මට ඒ ගැන වැඩි දැනීමක් නැති හින්දා මං එයාට කිව්වා; ඕවා ගැන හොයන කෙනෙක් ඉන්නවා; එයාගෙන් වත් අහලා බලන්නම් කියලා” අප නිතර ගනුදෙනු කරන ව්‍යාපාරික හිතවතකු පසුගිය දිනයෙක මා හා …

තරම දැන කළ යුතු “උඩින් පල්ලෙන්”සත්ව සංගණනය
හෙට (15) සිදු කිරීමට නියමිත සත්ව සංගණනය සඳහා මේ වන විට සියල්ල සූදානම් බව රජය පවසයි. එමෙන්ම මෙය අවම වැයවීමක් යටතේ සිදු කිරීමට කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ පවසා තිබේ. මෙම සංගණනයට අදාළව මහජනතාවට තොරතුරු ලබා ගැනීම සඳහා 011 – 2034336 යන ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇත.මෙම අංකයට අමතා …

මානව හිමිකම් කැඩූ පිලිපීනයේ හිටපු ජනාධිපතිට වැඩ වරදී
ලෝක දේශපාලන කරළියේ ඉතාම ආන්දෝලනාත්මක චරිතයක් වූ, පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩි්රගෝ ඩුටාර්ටේ අත්අඩංගුවට ගැනීම මේ දිනවල මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. ඔහු පිලිපීන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය අඟහරුවාදා (11) යි. ඩුටාර්ටේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court) විසින් ඔහුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව යි. අත්අඩංගුවට ගෙන ටික වේලාවකට පසු ඔහු ගුවන් යානයක නංවා ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටි නෙදර්ලන්තයේ …

සමාජමය කැළඹීම් මඟින් අනුරපුර වෛද්‍යවරිය දූෂණය වීමට එරෙහිව විසඳුම් ලද හැකි ද? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ඉකුත් මාර්තු 10 වන දින ප.ව 6.30ත් 7.00 අතර දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි තිස් දෙහැවිරිදි වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිදුවීමක් මේ වන විට සමාජය කළඹවන පුවතක් වී තිබේ.එම වෛද්‍යවරිය දූෂණයට ලක් කළ සැකකරු මේ වන විටත් හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඉකුත් 10 වන දා පාර්ලිමේන්තුවේදී පැවසීය.හමුදා …

ජන මාධ්‍ය ඔස්සේ ඔබ දකින්නේ සැබෑ අලි මිනිස් ගැටුම නොවේ – ජේ රත්නායක චිත්‍ර සහ මූර්ති ශිල්පී ගල්ගමුව
මගේ ගම් බිම් පිළිබඳව විස්තර විමසන පිට පළාත්වල; විශේෂයෙන් අගනුවර හා තදාසන්න ප්‍රදේශ ඇතුළු දිවයිනේ සෙසු නාගරික හිතවතුන් මගෙනුත් වැඩිපුරම අසන ප්‍රශ්නයක් තිබේ. එනම් ”ගල්ගමුවේ හැම තැනම වල් අලි නේද? ඉතින් ඒ වගේ පළාතක ඉන්න බය නැද්ද?” යන්න ය. ගල්ගමුව අවට වන ගහනයන් හි සැරිසරමින් සිටිය දී නොමනා මානව ක්‍රියාකාරකම් නිසා 2010 වසරේ නොවැම්බර් 23 වන දා ඛේදනීය අකල් මරණයට ලක් වූ සියඹලංගමුවේ ඇත් රජු ගේ ප්‍රියතම …

සුවබර දිවියකට අත්‍යවශ්‍ය ජල පානය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මිනිස් සිරුරේ පැවත්මට ජලය පානය අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ දන්නවාද අපගේ සිරුරට මෙලෙසින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැයි කියා? සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුවිමට නම් ජලය අවශ්‍යම සාධකයක්. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, සිරුරේ සෛල වෙත ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යාමටත්, බහිස්‍රාවය එනම් සිරුරේ ක්‍රියාකාරකම් තුලින් නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමටත්, ඉන්ද්රියයන් සහ සන්ධිවල ආරක්ෂාව සඳහා තිබිය …

ලොස් ඇන්ජලීස් ලැව් ගින්න අපට කියන කතාව – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි ලැව් ගින්න වේගයෙන් පැතිරෙමින් පවතින අතර එම කලාපයේ හටගෙන තිබෙන ලැව් ගිනි පහෙන් එකක්වත් නිසි ලෙස පාලනය කර ගැනීමට ගිනි නිවන හමුදා නිලධාරීන් මෙය ලියන මොහොත වනතුරුත් සමත් වී නොමැත. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න ලෙස සැලකෙන මෙම පැලිසේඩ්ස් ලැව් ගින්නෙන් මේ මොහොත වන විට අක්කර විසිතුන් දහසක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී අවසන් බව පැවසේ …

සීනිත්, පිටිත් අවම ආහාර රටාවකට හුරු වෙන්න බැරිද?
දියවැඩියාව යනු පෝෂණය පිළිබඳ ගැටලුවකි. මෙය සිදුවූයේ කෙසේද? දියවැඩියාව බොහෝ දෙනෙකුගේ සරල සහ සුලබ හැඳින්වීම වන්නේ “සීනි වැඩි වෙලා” යන්න ය. මේ සීනි වර්ගය ඔබ තේ වලට මිශ්‍ර කරන සීනි නොවේ. එය වෙනමම සීනි වර්ගයකි. ග්ලුකෝස් නම් වූ මෙය සුදු පැහැති සියුම් කුඩු විශේෂයකි. පාරේ දුවන වාහන පෙට්‍රල්, ඩීසල් මගින් ධාවනය වන බව අපි දනිමු. අපට එවැනි වේගයකින් දුවන්නට බැරි වුණත් අපිටත් ඇවිදින්නට කඳු නඟින්නට හැකියාවක් ඇත. නමුත් එයටත් ඉන්ධන වර්ගයක් අවශ්‍ය වේ. ඒ පෙට්‍රල් …

කවි ඇසින් නීතිය දකින නීතිඥ කිවිඳියක්
නීතිය හා කවිත්වය අතර එකි`නෙක කෙලෙස එක් කළ හැකිද?යන කරුණ සම්බන්ධයෙන් විමසුමක් කරද්දී ඇතැම් විට ඊට පැහැදිලි පිළිතුරක් නොතිබෙන්නත් පුළුවන්.නමුත් එක්තරා ලෙසකින් දෙලොවක් ලෙස නම් කළ හැකි ඒ ක්ෂේත්‍ර දෙක …

මිනිසුන් සුනඛයන් ගැන දන්නා තරමට වඩා සුනඛයෝ මිනිස්සු ගැන දනිති
“ජාතියක ශ්‍රේෂ්ඨත්වය සහ සදාචාරාත්මක ප්‍රගතිය එහි සතුනට සළකන ආකාරය අනුව නිශ්චය කළ හැක” මෙය එදා මෙදා තුර බිහි වූ ශ්‍රේෂ්ඨතම භාරතීය පුත්‍රයකු වන මහත්මා ගාන්ධි කළ ඓතිහාසික ප්‍රකාශයකි.එහෙත්, එම තත්වය වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයට කෙසේ ආදේශ වන්නේ ද යත් සතුන්ට සැලකීම සම්බන්ධයෙන් එදිනෙදා අසන්නට ලැබෙන ඛේදනීය පුවත් වලින් මනාව තහවුරු වේ.එදා මෙදා තුර අප රටේ …
.
Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්
බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …

වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම් ලබන නළු නිළියෝ
ඉන්දියානු සිනමාව අද ඉන්දියාව තුළ පමණක් නොව ලෝකයේම ඉතා ජනපි‍්‍රය සිනමාවක් බව රහසක් නොවෙයි. මේ නිසා ලෝකය පුරා ප්රදර්ශණයෙන් විශාල වශයෙන් ආදායම් උපයන්නට ඉන්දියානු චිත්‍රපටවලට හැකි වී තිබෙනවා. මේ නිසාම …

දෙමළ සිනමා නළු විජේ ගේ සමුගැනීමේ චිත්‍රපටය
ළමා නළුවකු ලෙස 1984 වසරේ සිනමාවට එක් වූ ජනප්‍රිය දෙමළ නළු විජේ දශක හතරකට පසු සිය රංගන දිවියට සමු දීමට සූදානම් වෙයි. ඔහුගේ රසික රසිකාවියන්ට තම වීරයා සිනමා තිරය මත දකින්නට ලැබෙන්නේ තව …

අපරාධකරුවකු වීමේ මනෝමූලය ළමා වියේදීම මනසේ තැන්පත් වන බව දන්නවාද?
මෑත දින කිහිපය තුළ අපේ කණ වැකුණු, අප රටේ නිතර කතා බහට ලක්වූ දෙයක් ලෙස අපරාධ සහ අපරාධකරුවන් සඳහන් කළ හැකිය. මෙවැනි පුද්ගලයන් විසින් සිදු කළ අපරාධ, එයින් සමාජයට ඇති වන බලපෑම, මොවුන්ට දිය යුතු දඬුවම්, සමාජයෙන් අපරාධ දුරලන්නේ කෙසේද වැනි කාරණා පිළිබඳ කතා බහ කළ ද මේ සම්බන්ධව මනෝවිද්‍යාත්මක …

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව
වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට වෙලා ගත් දැඩි ආර්ථික අර්බුදය ආදී වශයෙන් පිට පිටම එළැඹුණු ව්‍යසන රාශියක් හමුවේ අතිශය කරදර …

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා
මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය. ඒ කාලයේ අපේ …

රූමත් අක්කාව රැක ගන්න නංගී ගෙදරට ගෙනා ගිනි තියන භූතයා
2008 වසරේ මැයි 08 බ්‍රහස්පතින්දා ‘දිවයින’ පුවත්පතේ අද්භූත සිදුවීම් දාමයක් පිළිබඳ ලිපියක් පළ විය. ඒ ලිපිය පළවූ පසු මා පිළිබඳව දන්නා බොහෝ දෙනෙකු දුරකතනයෙන් කතා කර කීවේ හැකි නම් එය අද්භූත බලයකින් සිදු නොවන්නක් බව ඔප්පු කර පෙන්වන ලෙස ය. එහෙත්, අයහපත් වෘත්තීය පසුබිමක් තුළ මා ඒ දිනවල දැඩි සේ …